හොඳ තිර පිටපත්වලට කැමති සාන්යා
‘දංගල්’ චිත්රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි සාන්යා මල්හෝත්රා මේ වනවිට බොලිවුඩයේ සිටින තවත් ජනප්රිය යොවුන් රංගන ශිල්පිනියකි. ඇය මැතකදී රංගනයෙන් දායක වු ‘බදායි හෝ’ චිත්රපටය අති සාර්ථක එකක් බවටද පත්ව තිබුණි. ‘ඉන්ඩියන් එක්ස්ප්රස්’ වෙබි අඩවි සමගින් කළ සාකච්ඡාවකදි ඇය පවසා තිබුණේ තමන් වඩාත් කැමති අර්ථයක් ඇති ඉතා හොඳ කලාත්මක තිර පිටපත්වලටය. ‘බදායි හෝ’ චිත්රපටය ඇයට මැතකදී ලැබුණ ඉතා හොඳ තිර පිටපතක් බව ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබුණි.