හොකී ක්‍රීඩිකාවක් වුණ ටප්සි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-165

‘නාම් සබානා’ චිත්‍රපටය හරහා අතිශය ජනප්‍රිය වූ දමිල සිනමා නිළි ටප්සි පන්දු මේ දිනවල වඩාත් කාර්යබහුලව සිටියි. ඒ ලබන වසරේ ජූනි මාසයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති ‘සොර්මා’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීම හේතුවෙනි.

ටප්සි මෙහි හොකී ක්‍රීඩිකාවක් ලෙස රංගනයෙන් දායක වන අතර, මේ දිනවල ඇය හොකී ක්‍රීඩාවේ යෙදෙමින් තම චරිතයට අවශ්‍ය කරන අන්දට සිය සිරුර හැඩගස්සවා ගන්නා බව වාර්තා වේ. ඇය හොකී ක්‍රීඩාව පුහුණු වෙන ඡායාරූප බොහෝමයක් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කරද තිබෙන අතර, ඇය ඉන්දීය ජාතික හොකී කණ්ඩායමේ නිල ඇඳුමෙන්ද සැරසි සිටින ඡායාරූප කිහිපයක්ද ඒ අතර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

 

 2017-12-12-ent-167 2017-12-12-ent-166