හොංකොංවලත් කෝටි 10ක් හොයලා
ඉහළම ආදායමක් ඉපෑයූ ඉන්දීය චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්ව ඇති අමීර් ඛාන්ගේ ‘දංගල්‘ චිත්‍රපටය මේ දිනවල හොංකොංහිද ප්‍රදර්ශනය වෙමින් පවති. හොංකොං චිත්‍රපටද අභිභවා මේ වනවිට එහි බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරට ‘දංගල්‘ චිත්‍රපටය එක්ව තිබෙන බව සඳහන් වේ.
වාර්තා වන අන්දමට හොංකොංහි ‘දංගල්‘ චිත්‍රපටය උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 11.5කි. එය හොංකොංහි තිරගත වූ ඉන්දීය චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායමද වේ. මේ අනුව ‘දංගල්‘ චිත්‍රපටය උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 2000ට ආසන්න වෙමින් පවතින බව සඳහන් වේ.