හේමා මාලිනී ජීවිතය කියවන හැටි
‘‘අපි ලෝකය දිහා බලන්න ඕන අපේ ඇස්වලින්.. අනිත් අයගෙ ඇස්වලින් බලන්න ගියොත් අපිට පේන්නෙ තියෙනවට වැඩිය වෙනස් ලෝකයක්.. අපිට අසුබවාදීව හැමදේම දිහා බලලා අසහනයට පත් වෙන්නත් පුළුවන්.. එහෙම නැත්නම් හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා හිතලා සතුටු වෙන්නත් පුළුවන්.. කොොහම වුණත් සතුට කියන්නේ අපේ හිත තුළින්ම උපදින දෙයක්..’’
මෙසේ කියන්නේ එක් යුගයක ඉතා ජනපි‍්‍රය නිළියක වුණ හේමාමාලිනීය. එකල ඇය ක්ෂේත‍්‍රයේ හැ`දින්වුණේ සිහින කුමරිය ලෙසිනි. එහෙත් දැන් තමා දකින එකම සිහිනය සතුටින් හා නීරෝගීව ජීවත් වීම බැව් ඇය පවසයි.
‘‘සමහර මිනිස්සු හිතනවා අවුරුදු 60 දී විශ‍්‍රාම අරගෙන අවුරුදු 70 දී මැරෙන එක තමයි ජීවිතේ කියන්නේ කියලා.. ඒත් සුබවාදී විදියට හිතනවා නම්, තමන්ගෙ සෞඛ්‍යය රැුක ගන්නවා නම්, අවුරුදු 100ක් වුණත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්.. ඇත්තම කියනවා නම් ජිවිතය අපිට හු`ගාක් දේවල් උගන්නනවා.. හැබයි නිහ`ඩව..’’ ඇය කියයි.
බොහෝ දෙනෙකු වයසට යද්දී හැමදේම අත හැර දමා ආගම දහමට පමණකි නැඹුරු වෙති. ඔවුන් සිතන්නේ වෙන යමක් කරන්නට වයස වැඩි බවය. එහෙත් හේමා මාලිනී එසේ සිතන්නේ නැත.
‘‘තමන් කැමති දෙයක් කරන්න වයස බාධාවක් නෙමෙයි.. මගේ අදහසක් තියෙනවා සංස්කෘත භාෂාව ඉගෙනගෙන ඒ භාෂාවෙන් බජන් සංගීත තැටියක් එළි දක්වන්න..’’ ඇය කියන්නීය.