හේමා මාලිනි නැවත්ත අත්තම්මා කෙනෙක් වෙයි
මේ වනවිට සිනමාවට සමුදී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙස කටයුතු කරන හේමා මාලිනි නැවත වරක් අත්තම්මා කෙනෙකු බවට පත්ව තිබේ. ඒ හේමා මාලිනි හා ධර්මේන්ද්‍රෙග් බාල දියණිය වන අහානා ඩියොල් පසුගිය නොවැම්බර් 28 වැනිදා නිවුන් දරුවන්ගේ මවක් වීමත් සමගය.
ඇයට දාව ඉපදී ඇත්තේ දියණයන් වන අතර, අහානාගේ සැමියා වන ආදා වොහෝරා අලුත් උපන් දරුවන්ට ඇස්ට්‍රියා හා ඒඩියා ලෙස නම් තබා තිබේ. හේමා මාලිනි මෙන්ම ධර්මේන්ද්‍රද මේ වනවිට ඔවුනොවුන්ගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම් හරහා මේ බව ලෝකයාට ප්‍රසිද්ධ කරමින් සිටිනි බව වාර්තා වෙයි.