හේමා මාලනිගෙන් පොතක්
ජනප්‍රිය හින්දි සිනමා නිළි හේමා මාලිනිගේ 68 වැනි උපන්දිනය පසුගිය ඔක්තෝබර් 16 වැනිදාට යෙදි තිබුණි. ඇය ඒ වෙනුවෙන් සිය ජීවිත කතාව අලළා ලියූ පොතක් එළිදක්වනු ලැබීය. එහි මුල්ම පිටපත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට පිළිගන් වනු ලැබීය.
හේමා මාලනි ඉන්දීය භාරතීය පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට යොමුව තිබේ. කාලයක් හින්දි සිනමාවෙන් ඈත්ව සිටි හේමා මාලනි, මේ වසරේදී නැවතත් ඉන්දීය චිත්‍රපට කිහිපයකින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටියි. ඒ ‘ගෞතමිපුත්ර සතාකර්නි’ තෙළෙඟු චිත්‍රපටයේ හා ‘ඒක් ති රාණි ඇසි බාහි’ චිත්‍රපටවල රංගනයේ යෙදෙමිනි. මෙම චිත්‍රපට දෙකම කලකට ඉහතදී නිර්මාණය වූ චිත්‍රපට වීම විශේෂත්වයකි.