'හේට් ස්ටෝරි' වැඩිහිටියන්ට පමණයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-07-ent-50

මාර්තු 09 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති ‘හේට් ස්ටෝරි’ සිවුවැනි චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස නම් කර තිබේ. සරාගි දර්ශන 20කට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි ඇතුලත් වී තිබිම හේතුවෙන් මෙම චිත්‍රපටය වඩාත් වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් ලෙස ඉන්දීය රැගුම් පාලක මණ්ඩලය විසින් නම් කොට තිබේ.

උර්වෂි රවුටෙලා, විවාන් භාතේනා හා කරන් වාහි මෙම චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරූපණය කරනු ලබයි. සිනමා විචාරකයන් පවසන්නේ දෙවැනි හා තුන්වැනි ‘හේට් ස්ටෝරි’ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් සාර්ථක වූවාසේම මෙම චිත්‍රපටයද ඉහළ ආදායමක් උපයාගනු ඇති බවය.