හේට් ස්ටෝරි රඟපෑ නිළියට මරණ තර්ජන
මේ දිනවල හොලිවුඩයේ තිරගත සරාගී චිත්‍රපටයක් වන හේට් ස්ටෝරි පිළිබඳව නම් බොහෝ දෙනෙකුට ඇත්තේ ධනාත්මක අදහසක් නොවන බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ. පසුගියදා තිරගත වීම ආරම්භවූ මෙම චිත්‍රපටය මේවනවිට මූල්‍යමය අතින් ඉහලට යමින් පවතින චිත්‍රපටයක් වී හමාරයි. මෙහි ප්‍රධාන චරිතය හැඩ කරන උර්වශි රවුටෙලා හට ඉන්දියාවේ විවිධ පුද්ගලයන් ඔස්සේ මරණ තර්ජන එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
එයට හේතුව වී ඇත්තේ හේට් ස්ටෝරි චිත්‍රපටය බවයි සඳහන් වෙන්නේ. එහි ඇති එක්තරා දර්ශනයක් හේතුවෙන් මෙම ගැටලුවට මුහුණ දීමට ඇයට සිදුව තිබේ.මේ කාරණාව හේතුවෙන් ඇය කාලය ගත කරන්නේ තරමක් බියෙන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. වැඩිහිටියන්ට සුදුසුයි යන ලේබල ඔස්සේ මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ බවත් සඳහන් වෙයි.