හෙට පායන තරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-25-ent-38

මෙම වසරේ ජනපි‍්‍රය නළු නිළියන් දෙතුන් දෙනෙකුගේම දරුවන් සිනමා ක්ෂේත‍්‍රයට පා තැබූ අතර තවත් සමහරු ඒ සදහා මග බලාගෙන සිටිති. කුළුදුල් චිත‍්‍රපටිය තිරගත වෙන්නටත් පෙර තවත් චිත‍්‍රපටිවල ගිවිසුම් අත්සන් කරන්නට තරම් වාසනාවන්ත වූවෝ ද ඒ අතර වෙති.

ජනපි‍්‍රය නිළි කාජල් සහ නළු අජේ දේව්ගන් ගේ දියණිය නයිසා දේව්ගන් චිත‍්‍රපටි ක්ෂේත‍්‍රයට එන්නට ඇති ඉඩකඩ ගැන කාජල්ගෙන් විමසනු ලැබුවේ හෙලිකොප්ටර් ඊලා චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතු සදහා සංචාරය කරමින් සිටියදීය.

‘‘ඇය මේ වෙනකොට ඇගේ අධ්‍යාපන කටයුතු සදහා විදේශගත වෙලා ඉන්නේ.. ඇය කැමති ක්ෂේත‍්‍රයක් තෝරා ගන්න අපි නිදහස දීලා තියෙනවා.. චිත‍්‍රපටි ක්ෂේත‍්‍රයට එන්න කියලා අපි ඇයට කිසිම බලපෑමක් කරන්නෙ නෑ.. ඇය එන්න කැමති නම් එපා කියලා කියන්නෙත් නෑ..’’ කාජල් පැවසුවාය.

ෂාරුක් ඛාන් ගේ පුතු වන ආර්යන් ඛාන් සහ දියණිය වන සුහානා ඛාන් ද නළුනිළියන් ලෙසින් දොරට වඩින්නට සුදානමක් ඇති බැව් චිත‍්‍රපටි ආරංචි මාර්ග පවසයි. ශි‍්‍රදේවි ගේ වැඩිමහලූ දියණිය මේ වන විටත් ක්ෂේත‍්‍රයට පා තබා අවසන්ය. කණිටු දියණිය කුෂි කපුර් ද ඒ සදහා මග බලමින් සිටින්නීය.

සයිෆ් අලි ඛාන් ගේ පළමු විවාහයේ පුතු ඉබ‍්‍රාහිම් අලි ඛාන් සිය පියාගේ කපාපු පළුව බැව් සියල්ලෝම කියති. ඔහු මේ වන විටත් සමාජ වෙබ් අඩවිවල ජනපි‍්‍රය ඉලන්දාරියෙකි. එම නිසාම චිත‍්‍රපටි ක්ෂේත‍්‍රය තුළත් ඔහු ජනපි‍්‍රය වෙනු ඇතැයි අනාවැකි මේ වන විටත් පළ වී තිබේ. සයිෆ් ගේ දියණිය මේ වන විට කේදාර්නාත් චිත‍්‍රපටිය තුළින් දොරට වැඩ අවසන්ය. ඇය එහි රග පාන්නේ සුශාන්ත් සිං රාජ්පුත් සමගිනි.

ආක්ෂේ කුමාර් සහ ට්වින්කල් ඛන්නා ගේ පුත් අරාව් ද චිත‍්‍රපටි ක්ෂේත‍්‍රයට එන්නට කැමැත්තෙන් සිටින බැව් ආරංචි මාර්ග පවසයි.

 

2018-09-25-ent-37  2018-09-25-ent-39