හූමා කුරේෂිට අධික විදුලි බිලක්..
ජනප්රිය චිත්රපට කිහිපයකම රඟපෑ හූමා කුරේෂි කාගෙත් ආදරය දිනාගනු ලැබුවේ රාජිණිකාන්ත් සමග රඟපෑ ‘කාලා’ දමිල චිත්රපටයේ කළ රංගනය හරහාය. නිරන්තරයෙන්ම ඉන්දීය සිනමාව තුළ කතාබහට ලක්වන නිළියක් බවට පත්ව සිටින ඇය මේ දිනවලද එළෙස කතා බහට ලක්ව තිබේ.
ඒ ඇයට අධික විදුලි බිල් පතක් මේ මාසයේදී ගෙවීමට සිදුවීම හේතුවෙනි. මාසිකව රුපියල් 6000ක මුදලක් ගෙවන ඇයට මේ මාසය තුළදී ගෙවීමට රුපියල් ලක්ෂ 5ක විදුලි බිල්පතක් ලැබී ඇත. මෙවැනි සිදුවීමකට ටප්සි පන්දු, කාජල් අග්රාවාල්, සිද්ධාර්ත් ආනන්ද් වැනි නළුනිළියන්ටද පසුගිය සති කිහිපයේදී මුහුණ දීමට සිදුවිය.