හින්දි සිනමාව අතහැර දමිල සිනමාව තෝරාගත් ජැකී
80 හා 90 දශකයේ හින්දි සිනමාවේ ජනප්රියතම සිනමා නළුවා බවට පත් වූ ජැකී ෂෙරොෆ් මෑත කාලයේ බොහෝ සිනමා නිර්මාණවල දුටු නළුවෙකි. කාලයක් හින්දි සිනමාවට පමණක් සිමා වූ ජැකී මේ වනවිට වැඩිපුර සිය දායකත්වය ලබාදී ඇත්තේ දකුණු ඉන්දීය සිනමා නිර්මාණ සඳහාය.
ඔහු මේ වසරේදී පමණක් දකුණු ඉන්දීය චිත්රපට හයකින් සිය සිනමා ප්රේක්ෂකයන් මුණ ගැසීමට සූදානමින් සිටියි. ඒ අතර, සූර්යා හා විජේ පෙනී සිටින දකුණු ඉන්දීය චිත්රපට දෙකකද ඔහු රංගනයෙන් දායක වෙයි. ඒ ‘සෝරාරායි පෙට්රා’ හා ‘බිල්ගිල්’ චිත්රපටයි.