‘හින්දි මිඩියම්’ දෙවැන්නේ කතාව වෙනස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-151

2017 වසරේ තිරගත වූ ‘හින්දි මිඩියම්’ චිත්‍රපටයේ දෙවැන්න මේ දිනවල රූපගත කෙරෙමින් සිටියි. සකේත් චෞද්‍රරි විසින් අධ්‍යක්ෂනය කරනු ලබන මෙම චිත්‍රපටයේ කතා තේමාව පළමු කතාවට වඩා වෙනස් මුහුණුවරක් ගෙන ඇතැයි එම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන ඉර්ෆාන් ඛාන් පවසා ඇත.

‘හින්දි මිඩියම්’ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ඉර්ෆාන් හා පාකිස්තානු සිනමා නිළි සාබා කාමර් මෙහි සුපුරුදු පරිදි සිය චරිත සඳහා රංගනයෙන් එක්වෙන බව වාර්තා වේ. චිත්‍රපටය ලබන වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.