හින්දි තරු වැලන්ටයින් සැමරූ හැටි...
බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර්
ඔවුන් දෙදෙනා විවාහ වූයේ පසු ගිය අපේ‍්‍රල් මාසයේදීය. විවාහයෙන් පසුව එළඹුණ පළමුවන පෙම්වතුන්ගේ දිනය ඔවුන් දෙදෙනාටම බොහෝ විශේෂිත බැව් නොකිවමනාය. බිපාෂා ඔවුන් දෙදෙනාගේ හමු වීමේ සිට විවාහය දක්වා පැමිණි ආදරණීය ගමනේ නොයෙකුත් සමරු සටහන්, ඔවුන් දෙදෙනා ගත කළ නිවාඩු කාලවල අමතක නොවන අත්දැකීම් සියල්ල එක් කොට නිර්මාණය කරන ලද වීඩියෝවක් කරන් සිංගේ වෙබ් අඩවියට යවන ලද්දේ හරියටම ? දොළහටය. ඒ වීඩියෝවේ පසුබිමේ සිටි ඔෆ් ස්ටාර්ස් ගීතය වාදනය වූයේය. කරන් ඇයට යවා තිබුණේත් පණිවිඩයක් සහිත එම වීඩියෝවමය.
‘‘මගේ ආදරණීය බිපාෂා බාසුට සුබ වැලන්ටයින් දිනයක් වේවා.. ඔබත් සම`ග ගෙවන හැම දිනයක්ම සිහිනයක් සැබෑ වීමක් කියලා මට දැනෙනවා..’’
ඔහුගේ එම පණිවිඩය බිපාෂා ගේ හදවත උණුසුම් කළාට සැක නැත.
සෝනාක්ෂී සිංහ
ආදරය අකුරු හතර ලියැවුණ කළු ටී ෂර්ටයකින් සැරසී අතැගිලිවලින් හදවත පෙන්වන වීඩියෝවක් සහිතව සෝනාක්ෂි සිංහ සිය පෙම්වතුන් ගේ දින පණිවිඩය සමාජ වෙබ් අඩවියකට එක් කර තිබිණි.
‘‘සුබ වැලන්ටයින් දිනයක් වේවා.. ඔබ සියලූ දෙනාටම ඔබ ප්‍රාර්ථනා කරන ආදරය ඒ ආකාරයටම හැමදාමත් ලැබේවා..’’
අනෙක් අයට ආදරය ලැබෙන ලෙස ප්‍රාර්ථනා කළත් ඇයට පෙම්වතෙකු ඇති බවක් නම් දැන ගන්නට නැත. මේ මෑතකදී ඇය නිවාඩුවක් ගත කරන්නට මාල දිවයිනට ොගස් තිබුණේ තනිවමය.
ආක්ෂේ කුමාර්
පෙම්වතුන්ගේ දිනය වෙනුවන් හැම දෙනාම ආදරණිය පණිවිඩ බෙදා හදා ගනිද්දී ආක්ෂේ කුමාර් සිය රසිකාවියන් වෙත නිකුත් කර තිබුණේ අමුතුම ආරයක පණිවිඩයකි. ඒ සිය දියණිය ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණු වෙන සේයාරුවක් සමගය.
‘‘මේ පෙම්වතුන්ගේ දිනයේ කිසිම පිරිමියෙකුට ඔබ රවටන්නට ඉඩ දෙන්න එපා.. ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගෙන ගන්න.. කුඩා කාලයේදීම ආරම්භ කළහොත් වයසින් වැඩෙද්දී ඔබ එහි නිපුණයෙක් වෙයි..’’
ඔහු විසින් නිකුත් කරනු ලැබ ඇති ඒ පණිවිඩය බොහෝ වැදගත් බැව් එය කියැවූ සියල්ලෝම පැවසූහ. කොහොමටත් ආක්ෂේ කාන්තාවන්ට එරෙහි අපරාධ පිළිබ`දව බොහෝ ආවේගශීලීව අදහස් පළ කරන අයෙකි.
ශිල්පා ෂෙට්ටි සහ රාජ් කුන්ද්‍රා
ශිල්පා ෂෙට්ටි සහ රාජ් කුන්ද්‍රා විවාහ වී දැන් වසර හතකි. ඔවුන් දෙදෙනා හා පුතු වියාන් ගෙවන්නේ ඉතා පී‍්‍රතිමත් ජීවිතයකි. ඔවුන් සිය සමාජ වෙබ් අඩවි හරහා රසිකයන් හා සමීප ඇසුරක් පවත්වන දෙදෙනෙකි. සිය ජීවිතයේ විශේෂිත දවස්, අලූත් සිදු වීම් ආදී සියල්ලම ඔවුහු රසිකයන් හා බෙදාහදා ගනිති. පෙම්වතුන් ගේ ්දිනය ද එලෙසමය. ඇය සිය සැමියා සම`ග ගන්නා ලද සේයාරුවක් සමාජ වෙබ් අඩවියට ඇතුළත් කර තිබුණේ පණිවිඩයක් ද සමගිනි.
‘‘ඔබ නැති දවසක් ගැන හිතන්නවත් පුළුවන්කමක් නෑ.. අද පෙම්වතුන්ගේ දිනය වුණත් ඒක විශේෂයක් නෙමෙයි.. ඔබ හැමදාමත් මගේම පෙම්වතායි.. ඒත් සුබ වැලන්ටයින් දිනයක් වේවා.. ඔබ මගේ ජීවිතයයි.. ඒ ජීවිතය දුන්නාට ස්තුතියි..’’
රාජ් පළ කර තිබුණේ ඔවුන් දෙදෙනා වරායක් අද්දර සිට හාදුවක් හුවමාරු කර ගන්නා සේයාරුවකි.
‘‘සුබ වැලන්ටයින් දිනයක් වේවා මගේ කෙල්ලට.. මම හැමදාමත් ඔබට කොන්දේසියකින් තොරව ආදරෙයි.. දුකේදී සැපේදී මගේ ළ`ගින්ම හිටියාට ඔබට ස්තුතියි මගේ සුරංගනාවි..’’
කරන් ජෝහාර්
කරන් ජෝහාර් විසන් පවත්වනු ලබන සරු සාදයන් පිළිබ`දව නොදන්නා කෙනෙක් බොලිවුඩයේ නැත. එම නිසාම වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔහු විසින් පවත්වන ලද සාදය ගැන කිසිවෙකු පුදුම වූයේත් නැත. මෙවර ඔහු සාදයට සහභාගි කරවාගෙන ඇත්තේ වඩාත්ම අකර්ෂණීය තනිකඩ නළුනිළියන් පමණකි.
ශ්‍රද්ධා කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, සුශාන්ත් සිං රාජ්පුත්, මලයිකා අරෝරා, සාරා අලි ඛාන්, අර්ජුන් කපූර් ඇතුළු බොහෝ දෙනෙක් ඒ අතර සිටියහ. එහෙත් ඔහුගේ ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් නළුනිළියන් වන ආලියා භාත්, සිද්ධා්ර්ත් මල්හෝත්‍රා සහ වරුණ් ධාවාන් දකින්නට නොවීය.
චන්දි කොඩිකාර