හිතපු තරම් සාර්ථක නැති 'ජූලියා' දෙවැන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2017-11-29-ent-89

ඉන්දීය රුපියල් කෝටි 30ක් වැය කරමින් තැනුණ ‘ජූලියා’ දෙවැනි චිත්‍රපටය මේ වනවිට පාඩු ලබන චිත්‍රපටයක් බවට පත්ව ඇත. පසුගිය නොවැම්බර් 24 වැනිදා තිරගත වූ මෙම චිත්‍රපටය දින තුනක් ගෙවෙද්දී උපයා ගැනීමට සමත්ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 50ක මුදලකි.

දමිළ, මලයාලම් හා තෙළෙඟු චිත්‍රපට බොහෝමයක රඟපෑ රායි ලක්ෂ්මි මෙහි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වී ඇති අතර, චිත්‍රපටය පුරා බොහෝ සරාගි දර්ශන ප්‍රමාණයක්ද ඇතුළත්ව ඇත. කෙසේ වෙතත්, සිනමා විචාරකයන් පවසන්නේ චිත්‍රපටය පිළිබඳව ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ අඩු කැමැත්තක් බවයි.

 

2017-11-29-ent-88