හිටපු රූ රැජින සෝයා ඇප්රොස්
ඇය පළමුවරට ඇඟලූම් සම්බන්ධ දැන්වීමක පෙනී සිටයේ තුන් හැවිරිදිව සිටියදීය. ෆෙමිනා රූ රැුජින තරගයෙන් ජයග්රහණය ලැබුවාය. ඇය ඉන්දියානු රූ රැජින තේරීමේ තරගයෙන් දෙවන ස්ථානය ලබා තිබේ. කුඩා කාලයේදි ඇය පෙනී සිටි වෙළෙඳ දැන්වීම් චිත්රපටි ආදිය බොහෝය. ඇය සෝයා ඇප්රොස්ය.
සෝයා ඉපදුණේ ඉන්දියාවේ උත්තර් ප්රදේශ්හි ලක්නව්වල 1994 ජනවාරි 10 දාය. ඇය පළමුවෙන් රඟපෑවේ මාන් චිත්රපටියේය. ඒ 1999 දීය. එවිට ඇගේ වයස අවුරුදු පහකි. කෙසේ වෙතත් සෝයා කියන්නේ තමා තවමත් ක්ෂේත්රයේ ස්ථාවර වී නැති බවය. මේ ඇය ඇගේ ජීවිතය වෘත්තිය ආදිය ගැන දක්වන අදහස් ස්වල්පයකි.
ඔබ වෘත්තීය ජීවිතය පටන් ගත්තෙ අවුරුදු තුනේදී.... ඒක රළු අත්දැකීමක්ද?
ඇත්තටම ඒ වගේ වයසකදී යමක් කරන්න පුළුවන් වෙන්නේ දෙමව්පියන්ගෙ උදව්ව තදින්ම තිබුණොත් විතරයි. මට ලියන්න කියවන්න පුළුවන්කමක් නෑනෙ. මගේ අම්මා තමයි මට තිර රචනය කියලා දෙන්නෙ. මම ඒවා හොඳින් මතක තියාගෙන තමයි රඟපෑවේ.
මේ වෘත්තිය ලොකු අභියෝගයක්. ඔබ කොහොමද ඒ අභියෝගයට මූණ දුන්නෙ?
මගේ අම්මයි පවුලේ අයයි මට ලොකු සහයෝගයක් දුන්නා. ඒ විතරක් නෙමෙයි මම හුඟක් සුබවාදි විදියට හැමදේම දිහා බලන කෙනෙක්. මගේ වෘත්තීය ජීවිතයේ අභියෝග ජයගන්න ඒක මට ලොකු උදව්වක් වුණා.
හැමදාම ඔබට වුවමනා වුණේ නිළියක් වෙන්නමද?
ඔව්.. මම මේකට කැමතියි. අපිට වෙන කෙනෙක් බවට පත්වෙන්න ඉඩ ලැබෙන්නෙ මේ වෘත්තියේදී විතරයි.
මේ වෙනකොට ජයග්රහණ කියා උපකල්පනය කළ හැකි මොන තරම් දේවල් ලැබී තිබෙනවද?
ලොකුම ජයග්රහණය තමයි පුංචිම වයසෙදි ක්ෂේත්රයට ආව එක... ඒ වගේම සල්මන් ඛාන්, සයිෆ් අලි ඛාන්, කරිස්මා කපූර් එක්ක රඟපාන්න ලැබීම, 1999දී මම හම් සාත් සාත් හෑ චිත්රපටියේ රඟපෑවේ ඔවුන් එක්ක. ඒක ලොකු ජයග්රහණයක් කියල මට හිතෙන්නෙ. ඔවුන්ගෙන් මම ඉගෙනගත්ත දේවල් අප්රමාණයි.
රඟපෑම හැර කරන වෙනත් දේවල්..?
මම සංචාරය කරන්න වගේම කියවන්නත් ආසයි. සංචාරය කරන අතරෙම තමයි මම කියවන්නෙත්.
මේ ජීවිතය ගැන ආඩම්බර වෙනවද?
අපොයි ඔව්. මම ඉන්දියානු රූ රැජින වෙලා මගේ අලූත් ගෙදරට ආවේ හුඟක් ලොකු ආඩම්බරේකින්. අවුරුදු 23 වෙනකොට එච්චර ආඩම්බර වෙන්න පුළුවන් දේවල් තියෙන කෙල්ලො හරි අඩුයිනෙ.
මොනවද අලූත් වැඩ කටයුතු...?
මම එංගලන්තෙට යනවා මගේ පළමු තෙළිඟු චිත්රපටියේ රඟපාන්න. ඒක මට ලොකු අවස්ථාවක්.