'හිචිකි' ආදායම් උපයා ගැනීම අතින් ඉදිරියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-04-ent-65

ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 72ක් උපයාගත් රාණි මුඛර්ජිගේ ‘හිචිකි’ චිත්‍රපටය මේ වනවිට චිනයේ අති සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් පවතින චිත්‍රපටයක් බවට පත්ව ඇත. දැනට සිය ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 235ක් දක්වා වැඩි කරගෙන ඇති මෙම චිත්‍රපටය මේ වසරේ වැඩිම ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට අතර, හයවැනි තැනට පත්ව ඇත.

ඉන්දීය රුපියල් කෝටි 12ක් වැනි අඩු වියදමකින් තැනුණ මෙම චිත්‍රපටයේ ලාභ ලැබීම ප්‍රතිශතය සියයට 427ක් ලෙස සටහන් වේ. මෙම චිත්‍රපටය ඉන්දියාව හා චීනයට අමතරව රුසියාව, ස්විට්සර්ලන්තයේදිද ප්‍රදර්ශනය විය.