හැලි බෙරිට සමාජ මාධ්‍යයෙන් චෝදනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200709-69

අතිශය ජනප්‍රිය වූ හොලිවුඩ් සිනමා රැසකින්ම සිනමා ප්‍රේක්ෂකයන් දුටු සුපිරි නිළී හැලි බෙරි ඉදිරියේදී රූපගත කිරිම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබු සිය අලුත්ම චිත්‍රපටය වූ probably චිත්‍රපටයෙන් ඉවත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ එම චිත්‍රපටයේ ඇය විසින් නිරූපණය කරන චරිතයට විවිධ සමාජ මාධ්‍යයන් වලින් චෝදනා එල්ල වීම හේතුවෙනි.

probably චිත්‍රපටයේ ඇය සංක්‍රාන්ති ලිංගිකයෙකුගේ චරිතයක් නිරූපණය කරන්නට නියමිතව තිබුණ අතර, මේ වනවිට ඇය එම චිත්‍රපටයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඇය පවසන්නේ ඇය එම චරිතය භාර නොගැනීම ඉතා හොඳ තිරණයක් වූ බවය.