හැරී සහා මේගන්ගේ විවාහය මැයි මාසයේ
මේ නව වසර තවත් රාජකීය මංගල්‍යයකට සූදානම් වෙන බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ. බොහෝ කාලයක් කතා බහට ලක්වූ ප්‍රේම සම්බන්ධතාවක් අවසන් වන්නේ රාජකීය මංගල්‍යයකින් බව අද වන විට ප්‍රසිද්ධ වී හමාරයි. මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 19 බවයි වාර්තා වන්නේ. ඔවුන් දෙදෙනා විවාහයෙන් පසු කෙසින්ටන් මාලිගයෙහි පදිංචි වන බව සඳහන් වෙයි. කෙසේනමුත් මෙම විවාහ උත්සවය පිළිබඳව බොහෝදෙනා අවධානයෙන් පසුවන බව කිවයුතු කාරණාවක්.