හැරී - මේගන් මධුසමය කල් ගිහින්ලු?
අද විවාහ දිවියට පත් හැරී කුමරු සහ මේගන්ගේ මධුසමය කල් ගොස් ඇති විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. එයට හේතු වන්නේ රාජකීය නිල කටයුතු කිහිපයකට සහභාගි වීම සඳහා ඔවුන් මධු සමය මඳකට කල් දමා ඇති බවයි.
මෙය එක් අතකින් ඔවුන්ගේ මධුසමය වෙත යොමුවන අති විශාල මාධ්‍ය අවධානය මදක් මග හැරීම සඳහා ගත් පියවරක් විය හැකි බවටද අදහස් තිබේ.
කෙසේ නමුත් හැරී සහ මේගන් මධු සමය ගත කිරීමට නියමිතව ඇත්තේ නැමීබියාවේ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.