හැරී, මේගන් අතිනත ගනී - හැරී කුමරුට මේගන් අවනත වෙන්නෙ නැහැලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ ඇමරිකානු නිළි මේගන් මාකල් අතර රාජකීය මංගල්‍යය ලන්ඩනයේ වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝන් චැපල් දේවස්ථානයේ දී අද සිදුවුණා, එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක් මාළිගා පරිශ්‍රය ආසන්නයේ සහ වීථිවලට එක්රැස් වුණා.

මේගන් මේකල්ගේ පියා මෙම මංගල්‍යයට සහභාගි නොවන බැවින් ඇය දේවස්ථාන ප්‍රවේශ මාර්ගයට යොමු කෙරුණේ චාල්ස් කුමරු විසින්.

මංගල්‍යය ප්‍රතිඥාවේදී මේගන් මාකල් සිය සැමියා බවට පත්වන හැරී කුමරුට කීකරු සහ අවනත වන බව ප්‍රකාශ නොකිරීම ද විශේෂත්වයක්.

හැරී කුමරුගේ දෙවන මනමාලයා ලෙස ඔහුගේ සොහොයුරු විලියම් කුමරු එක්වන අතර, ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ද මල් කුමර, කුමරියන් ලෙස එක්වුනා.

රාජකීය මංගල්‍ය උත්සවය සඳහා සහන සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පොදුජනතාව අතරින් 1200 දෙනෙකුට ද වින්ඩ්සර් මාළිඟ පරිශ්‍රයට ආරාධනා කර අැති බවත් විදෙස් මාධ්‍ය අනාවරණ කලා.

20180519Harry-1 20180519Harry-3 20180519Harry-4 20180519Harry-2