හැරී පෝටර්ගේ වැඩිමල් ප්‍රේමය විවාහය දක්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-29-ent-06

ඩැනියල් රැඩ්ක්ලිෆ් යනු නළුවෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලන චරිතයක් බව කොයි කවුරුත් දන්නා කරුණක්. ඔහු මත්පැනට ඇබ්බැහි වී සිටි බව නම් බොහෝදෙනෙකු නොදන්නා කාරණාවකි. මත්පැන් සඳහා තදබල ලෙස ඇබ්බැහි වී සිටි ඔහු මේ වනවිට එයින් මිදීමට දැඩි ප්‍රයත්නයක් දරණ බවද සඳහන් වෙයි. ඩැනියල්, මතින් දුරු වූයේ ජනප්‍රිය නිළි එරින් ඩාකේගේ පෙම නිසාද යන්න බොහෝදෙනාගේ මතයක් බවද කිවයුතුය. කෙසේවුවත් ඩැනියල් පෙමින් වෙළී සිටින්නේ ඔහුට වඩා අවුරුදු 05ක් පමණ වැඩිමල් අයෙකු සමගිනි. ඩැනියල් සහ එරින්ගේ පෙම් කතාවට මේ වන විට වසර පහක් ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෑතකදී ඔහු ඇයට විවාහ වීමට යෝජනා කර ඇති බවත්, ඒ යෝජනාව එරින් විසින් පිළිගෙන ඇති බවත් සඳහන් වෙයි. පසුගිය දිනෙක ඔවුන් දෙදෙනා ස්වර්ණාභරණ තේරීමේ සවාරියක යෙදුණු බවත් කියවෙයි. ඒ, විවාහ ගිවිස ගැනීමේ මුදු මිලදී ගැනීමටයි. මේ බව හොඳින් දන්නා ඩැනියල් සහ එරින්ට හිතවත් අය පැවසුවේ ළඟදීම දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම සිදුවිය හැකි බවයි.

 

2017-03-29-ent-09 2017-03-29-ent-08 2017-03-29-ent-07