හැරී පොටර්හි මැල්ෆෝයිගේ මව වූ ජනප්‍රිය නිළි Helen McCrory දිවි ගමනට සමුදෙයි
Harry Potter කතා මාලාවෙහි Narcissa Malfoyගේ චරිතයෙන් සහ Peaky Blinders හි Polly Grayගේ චරිතයෙන් රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වූ බ්‍රිතාන්‍ය ජාතික Helen McCrory මි’ය ගොස් තිබෙනවා.
මි’ ය යන විට ඇය 52 වැනි වියේ පසු වුණා.
ඇයගේ මි’ ය යාම ප්‍රකාශ කළේ ඇයගේ ස්වාමිපුරුෂයා වුණු සුප්‍රසිද්ධ නළු Damien Lewis විසින්. කාලයක් තිස්සේ පැවති පිළි’ කාවක් ඇගේ මර’ ණයට හේතු වුණු බවටයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. නිවසේදීම හිත මිත්‍රාදීන්ට මැදිව ඉතා සාමකාමී ම’ රණයක් ඇයට හිමි වුණු බවටයි ඩේමියන් ප්‍රකාශ කර සිටින්නේ.
වේල්ස් ජාතික මවකට හා ස්කොට්ලන්ත ජාතික පියෙකුට දාව 1968 අගෝස්තු 17 දින එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලැබූ හෙලන් තම රංගන ජීවිතය ආරම්භ කරන්නේ වේදිකාවෙන්. වේදිකා නාට්‍යවල සුපිරි රංගන කුසලතාවයක් පෙන්නූ හෙලන් 1993 දී Full Stretch සමඟින් පුංචි තිරයට පැමිණෙන අතරේම 1994 දී Uncovered සමඟින් රිදී තිරයටද පැමිණෙනවා.
1995 දී BAFTA සම්මාන උළෙලේ සහ Monte-Carlo TV Festival සම්මාන උළෙලේ ටීවී සීරීස් වල හොඳම නිළියට හිමි සම්මානය දිනාගැනීමට Screen Two හි Jo ගේ චරිතය රඟපෑම වෙනුවෙන් හෙලන්ට හැකි වුණේ අනාගතය ගැන ඉඟි පළකරමින්.
හෙලන් ට මුලින්ම Harry Potter සඳහා ඇරයුම් ලැබෙන්නේ Bellatrix Lestrange චරිතය සඳහායි.
ඒත් ඒ වෙනකොට දරුවෙක් ලැබීමට සිටි බැවින් ඇයට ඒ අවස්ථාව මග හැරෙන අතර පසුව ඒ අවස්ථාව ලැබෙන්නේ Helena Bonham Carter ට.
පසු කාලෙක හෙලන් ට Narcissa Malfoyගේ චරිතයට ආරාධනාව ලැබෙනවා.
තම පියා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් වූ නිසාම හෙලන් ට කුඩා කාලයේදී ප්‍රංශය, නොර්වේ සහ අප්‍රිකානු රටවල් කීපයක වාසය කරන්න අවස්ථාව හිමි වුණා.
හෙලන් නාට්‍ය කලාවට කළ මෙහෙය අගය කිරීමක් වශයෙන් 2017 දී දෙවන් එළිසබත් රැජිණ විසින් OBE (Order of the British Empire) සම්මානය පවා ප්රදානය කර තිබෙනවා.
Helen McCrory යනු, Hadey Potter හි Narcissa Malfoy, Skyfall හි Clair Dowar, Peaky Blinders (TV) හි Polly Gray, Anna Karenina (TV) හි Anna Karenina, North Square (TV) හි Rose Fitzgerald, The Count of Monte Cristo හි Valentina Villefort, The Queen හි Cherie Blair,
The Special Relationship හි Cherie Blair, Penny Dreadful (TV) හි Madame Kali වැනි චරිත වලින් රසික ආදරය දිනාගත් තැනැත්තියකි.
විකුම් හර්ෂණ