හැරී කුමරුගේ පෙමට තවත් විරෝධයක්
හොලිවුඩ් පුරයේ ජනප්‍රිය නිළියකගේ අලුත්ම ආදර කතාවට බොහෝ කාලයක් ගතවී හමාරය. ලොව පුරා රසික ජනතාවගේ දැඩි අවධානය දිනාගත් රාජකීය ප්‍රේම කතාවක් වන්නේ බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමි හැරී කුමරුන් මෙහි පෙම්වතා වීමය.
හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන හොලිවුඩයේ සුරූපී නිළි මේගන් මාර්කල් විවාහ ගිවිස ගැනීම මෑතකදී සිදුවීමට නියමිත බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි. නමුත් එය පෙනෙනතෙක් මානයක නොමැති බැවින් බොහෝ දෙනාට ගැටලු මතුව ඇතැයි සඳහන් වේ. මහ රැජින හෙවත් හැරී කුමරුන්ගේ අත්තම්මා විසින් මේ සඳහා කැමැත්ත පළකර ඇති බවත්, පසුගිය කාලයේ අනාවරණය විය. මෙහි නවතම පුවත වන්නේ හැරීගේ කුඩම්මා වන කැමිලා පාකර්ගේ මේ සඳහා අකමැති වීමය. මෙයට හේතු ගණනාවක් ඇති බව බොහෝ දෙනාගේ මතය වෙයි.