හැරී කුමරු සහ මේගන් කුමරිය රාජකීය රාජකාරිවලින් ඉවත් වෙති
හැරී කුමරු සහ මේගන් කුමරිය මාස 7 ක් වයසැති පුත් ආචී සමඟ මෑතකදී කැනඩාවේ දීර්ඝ විවේකයකින් පසු නැවත එක්සත් රාජධානියට පැමිණ ඇති අතර, ඔවුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමටත්, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාවේද ජීවත් වීමටත් තීරණය කර තිබේ.
රාජකීයයෙක් ලෙස ඉපිද රාජකිය වරප්‍රසාද සුව පහසුව මෙන්ම ජන්ප්‍රියත්වයද නොඅඩුව විඳි හැරී කුමරුට මෙවන් තීරණයක් ගැනීම පහසු නොවන්නට ඇත. එහෙත් රාජකීය නීති රීති බැඳීම් සහ වගකීම් ගොන්නක් කර මත තබාගන්නවාට වඩා ඉන් නිදහස් වී බිරිඳ සහ දරුවා සමග සාමන්‍ය ජීවිතයක් ගත කරමින් සහ ඔහුගේ මව මෙන් සමාජ සේවය කිරීමට ඔහු තීරණය කර ඇත.
ධනය බලය හා ප්‍රසිද්ධිය පසුපස හඹායන්නට කැමති බහුතරයක් මැද සියල්ල අත හරින ඔහු වැනි පුද්ගලයන් ලොව විරලය.හැරී කුමරුගේ මව ඩයනා කුමරියගේ මානුෂික ගුණාංග සියල්ලම රැගෙන පැමිනි හැරී කුමරුගේ නිල නාමයත් නිල මැදුරත් පමනක් ඉදිරියේදී භාවිතා කරනු ඇති අතර රාජකීය උත්සව වලට සහභාගී වුවත් ඔවුන්ගේ නඩත්තුවට රජයෙන් ලැබෙන මුදල් ඉදිරියට භාවිතා නොකරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳන් කරයි.