හැරී කුමරු සහ මේඝන් මාර්කෙල් විවාහ ගිවිස ගෙන?
බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමි හැරී කුමරු සහ සුරූපී නිළි මේඝන් මාර්කෙල් පෙම්වතුන් බව දැන රහසක් නොවෙයි. මේ රාජකීය පෙම් කතාවට කිහිප අතකින්ම විරෝධය පළවූ අයුරු බොහෝදෙනා දන්නා කරුණකි.
මෙහිදී මහ රැජිනගේ විරුද්ධත්වය එල්ල වුවද මේ වන විට එයද සමතයකට පත්ව ඇතැයි සඳහන් වේ. පසුගියදා විදෙස් වෙබ් අඩවිවල මාතෘකාවක් වූයේ හැරී කුමරු සහ මේඝන් මාර්කෙල් මුදු පලඳා ඇති බවයි. ලන්ඩනයේ පළවන ටැබ්ලොයිඩ් පුවත්පත් සහ වෙබ් අඩවි කඩිමුඩියේ වාර්තා කර තිබුණේ මෙගාන් එක්තරා උත්සවකට සහභාගී වි සිටියදී ඇය පැලඳි රන් මුදුව හොඳින් පෙනුණ බවයි. එය රාජකීය වටිනාකමක් සහිත මුදුවක් බවට ඉතාමත්ව පැහැදිලිව තිබුණු බවයි. කෙසේවෙතත් හැරී කුමරුන් හෝ මෙගාන් තවමත් මේ ගැන නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවද සඳහන් වෙයි.