හැරී කුමරාගේ සැබෑ පෙම්වතිය වන Meghan Markle



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-13-ent-106

2017-02-13-ent-111හැරී කුමාරයා පිළිබඳව අමුතුවෙන් කතාකල යුතු නැත. ඔහු තරම් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරනු ලැබූ කිසිවෙකු රජ පවුලේ නොසිටිය බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. තනිකඩයෙක් ලෙස හුවා දක්වමින් පෙම්වතියන් රැසකගේ ආදරය පහස විඳිමින් සිටි ඔහු නොසිතූ අයුරිනේ අවංකව පෙම් කරනු ලබන කෙනෙකු සිටින බව පසුගිය කාලයේ විදෙස් මාධ්යද ඔස්සේ ප්ර්චාරය කරනු ලැබුවා.

ඇය Meghan Markle රංගන ශිල්පිනියෙකි. ඇය සහ හැරී අතර ඇති මෙම පෙම් පළහිලව්වට රජ පවුලෙන්නම් එතරම් කැමැත්තක් නැති බව ප්ර්කාශ කර තිබුණා. මොවුන් දෙදෙනාගේ පෙම්පළ හිලව්ව දැන් සිතනවාටත් වඩා දුර දිග ගිහින් බව කිව යුතු කාරණාවකි. මෙම වසර ආරම්භයේදීම හැරි පිලිබඳව පුවතක් මැවුණේ හැරි සහ මේගන් හිමතරණය සඳහා විනෝදචාරිකාවක් යාමට සූදානම් බවයි. නමුත් එය අවලංගු වූ පුවතත් විදෙස් මාධ්යම විසින්ම ආණාවරණය කරන ලදී.

හැරී කුමරු විසින් තෝරාගත් මෙම රංගන ශිල්පිණිය අද වන විට රාජකීය පවුලේ උරුමයක් ලෙස ලොව පුරා ප්රීසිද්ධියට පත්ව සිටිනවා. කෙසේ වෙතත් ඇය ඇමෙරිකානු වෘත්තීය නිළියක වන නිසාම හැරී කුමරු ඇය හා විවාහ වුවහොත් බ්රි්තාන්යන රාජකීය ලේ ඇත්තකු හා විවාහ වන ප්රනථම නිළිය බවටද ඇය පත්වන බව කවුරුත් දන්නා කාරණාවකි.

මේ වනවිට ඇමෙරිකාවේ හි පදිංචිව සිටින 32 හැවිරිදි Meghan ට හැරී කුමරු මුණ ගැසී ඇත්තේ 2014 වසරේදී බව සඳහන් වෙයි. 2014 වසරේදී පැවැත්වූ ලෝක තරුණ සමුළුව සඳහා කැනේඩියානු අගමැතිගේ ආරාධනයක් පිළිගෙන එම උළෙලට සහභාගි වූ අවස්ථාවේදී මොවුන් දෙදෙනා මුණ ගැසුනු බව සඳහන් වෙයි.

2002 වර්ෂයේදී රංගන දිවියට පිවිසි ඇය දැනට Tig නමින් Life Style වෙබ් අඩවියක් පවත්වාගෙන යන Meghan ආහාර, විලාසිතා, ගෘහ නිර්මාණය, රූපලාවණ්යe සහ ශරීර යෝග්යතතාව පිළිබඳවද උපදෙස් ලබා දෙනු ලබනවා. 2016 වර්ෂයේදීත් ඇය විසින් Dater's Handbook නම් රූපවාහිනි කතාමාලාවක් සඳහා දායකද විය. ඇය දැනට සිනමාපට 05ක් සඳහා දායක විය.

නැවතත් Meghan පිළිබඳව කතාබහ කිරීමට විදෙස් මාධ්යo පෙළෙඹෙන්නේ ඇයගේ අතේ ඇගිල්ලේ පළදවා ඇති මුදුවක් හේතුවෙනි. ඒ H අකුර ලෙස සඳහන් කර ඇති මුදුවක් ඇය පැළද ඇති අතර, ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ මුදුවද යන්න සැක පහල කරනු ලබනවා.

හැරී කුමරුගේ ජීවිතය සෙල්ලක්කාර අයුරින් ගතවූවත් Meghan අතිශය පෞද්ගලික ජීවිතයක් ගත කිරීම දෙරටේම මාධ්ය දැඩි කුතුහලයකට ලක් කිරීමට හේතු වී තිබෙනවා. මේ පිළිබඳව වරක් කළ ප්ර්ශ්න කිරීමකදී හැරී කුමරු පවසා තිබුණේ තමා ජනප්රිුය පුද්ගලයකු වුවත් එයින් Meghan ගේ පෞද්ගලික ජීවිතයට හානි වනු දැකීමට තමන් අකැමැති බවයි.එමගින් ඇයගේ නිදහසට බාධා වීම තමන් දැඩි සේ හෙළා දකින අතර, කිසිඳු මාධ්යටයක් ඇයගේ පෞද්ගලික ජීවිත අත නොදැමිය යුතු බවද සඳහන් කර තිබුණා.

Meghan පසුගිය වසර පුරාවටම තුන් වැනි ලෝකයේ රටවල දිළිඳුකමින් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන් විවිධ කටයුතු සිදුකර තිබෙනවා. විදේශික කාන්තාවක් සේම නිළියක්ද වන නිසාම ඇය හා හැරී කුමරු අතර සිදු වන විවාහයට බකින්හැම් මාලිගාවෙන් ලැබෙන ප්රේතිචාර පිළිබඳව මේ දිනවල බොහෝ දෙනකු දැඩි අවධානයෙන් පසුවෙනවා. එසේම හැරී කුමරුට වඩා වසර තුනකින් වැඩිමහලු වීම, පෙර විවාහයෙන් දික්කසාද වී සිටීම මෙයට හේතු වන අතර, තවත් ප්ර ධාන හේතුවක් වන්නේ බ්රිවතාන්ය මහරැජනගේ අකමැත්තයි.

කෙසේ වුවත් බොහෝ පෙම්වතියන්ගේ පහස ලැබූ හැරීගේ සැබෑ ආදරවන්තිය වන ඇයට කිසිඳු අපහසුතාවක් සිදුකිරීමට හැරී බලාපොරොත්තු නොවන බවද සඳහන් වෙයි.

 

 2017-02-13-ent-107
2017-02-13-ent-108
2017-02-13-ent-109
2017-02-13-ent-110