හැට පැන්නත් කුකුළා කරේ
විදෙස් ඩී.වී.ඩී චිත්‍රපටවල සිංහල දෙබස් කවලා අලෙවි කරන එක දැන් අලුත්ම ප්‍රවණතාවයක් වෙලානෙ. මේවට කිසිම ප්‍රමිතියකුත් නැහැ. හිතෙන හිතෙන විදිහට කට්ටිය වැඩේට බැහැලා.
මැදි වයසත් පහුකරපු ප්‍රවීණ කලා ශිල්පියෙකුත් වැඩේට බැහැලා ඉන්නවා. දෙබස් කවන්න ගන්නෙත් අලුත්ම කට්ටිය. එතකොට ලොකු ගණන් ගෙවන්න වෙන්නෙත් නැහැනෙ. එයා තමයි කට්ටියව පුහුණු කරලා ස්ටූඩියෝ එකක වැඩේ කරන්නෙ.
ළඟදි මේ වැඩේට ඇහැට කනට පේන කෙල්ලෙක් සම්බන්ධ වෙලා. මෙයා ඉතින් මේ කෙල්ලට මාර විදිහට උපදෙස් දෙනවලු කවදහරි ලංකාවෙ හොඳම ඩබිං ආටිස්ට් කරන්න.
එහෙන් මෙහෙන් අමුතු ටෝක් දාලත් බලනවලු කෙල්ලට. ඊටපස්සෙ කෙල්ලගෙන් අහනවා එයා වැරදි දෙයක් කිව්වද කියලා.
‘මොන පිස්සුද අයියා, එහෙම අවුලක් නැහැ. ඒ වුණාට වලත්තකමට ආවොත් නම් වැඩේ වරදියි...’ කියලා කෙල්ල ඇඟට නොදැනී කිව්වලු.
ඒ කෙල්ල වැඩ කරපු අවසාන ඩී.වී.ඩී චිත්‍රපටයත් ඒකලු.