හැක් වෙච්ච හොලිවුඩ් නිළිය
ජනප්‍රිය හොලිවුඩ් නිළියන් බොහෝ දෙනෙකු හට පසුගිය කාලයේ මුහුණ දීමට සිදුවූ ලොකුම ඛේදවාචකය වන්නේ ඔවුන්ගේ සමාජ වෙබ් අඩවි සහ දුරකථන හැක් කර ඔවුන්ගේ අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමයි. පසුගිය කාලයේ එවැනි සිදුවීමක මුහුණ දුන් හොලිවුඩ් නිළි සියානා මිලර් නැවතත් එම සිදුවීම මතක් කර තිබේ. ඒ පසුගියදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
35 හැවිදිරි සියානාගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් හැකර් ක්‍රියාකාරීන් විසින් සමාජ වෙබ් අඩවි සඳහා මුදාහැර තිබුණි. මෙම සිදුවීමෙන් පසු ඇය බොහෝ කාලයක් කිසිදු මාධ්‍යයක් සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබුණි. මෙවන් සිදුවීම් වලට ලක්වූ තවත් සුප්‍රසිද්ධ නිළියන් කිහිපදෙනෙක්ම සිටියි. ඒ අතරට එමා වොට්සන්, මිලී සයිරස්, ජෙනිෆර් ලෝරන්ස්ද වෙයි.