හැංගුවේ කුමක්දෝ?
චිත්‍රපට, ටෙලි නාට්‍ය රූගත කරන දර්ශන තලවල අපූරු සිදුවීම් සිද්ධ වෙනවා. හොඳ විහිලු කතා වගේම හාස්‍යජනක සිද්ධීන් ඒ අතර මතු වෙනවා.ඔන්න එකතරා දර්ශන තලයක වැඩ කළාලු නිළියක්. එයා ගෙදරින් තමයි විශේෂ කෑම හදාගෙන එන්නේ ලන්ච් පෙට්ටියක දාලා.
දවසක් දවල් කෑම බ්රේක් එකේදී නළුවෙක් දැක්කලු මේ නිළියගේ ලන්ච් බොක්ස් එක මේසේ උඩ තියෙනවා. නිළිය නැහැ ළඟ පාතක. ඇය අත සෝදන්නට ගිහින් ඇතැයි හිතපු ඔහු කෑම පෙට්ටිය හැංගුවලු.විනාඩි පහකින් විතර නිළියක් මේසේ ළඟට ආවත් එයා කෑම පෙට්ටිය හෙව්වෙවත් නැහැලු. ටික වෙලාවක් ගියාට පස්සේ මේ නළුවා එයාගෙන් ඇහුවලු. “ඔයාගෙ මොනවා හරි නැති වුණාද? කියලා. “නැහැනේ... ඇයි කිසි ගාණක් නැතුව කිව්වලු.බැලින් නම් ඇය කළින්ම කෑම කාලා. හිස් පෙට්ටිය තමයිලු මෙසේ උඩ තියලා තියෙන්නේ.