හාෆ් ගර්ල්ෆ්රෙන්ඩ් බොක්ස් ඔෆිස් වාර්තා අතරට
අර්ජුන් කපූර් හා ශ්රද්ධා කපූර් රඟපෑමෙන් දායක වන ‘හාෆ් ගර්ල්ෆ්රෙන්ඩ්’ චිත්රපටිය එය නිකුත් වී දෙසතියක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි පනහකට අධික ආදායමක් උපයා ගන්නට සමත් වී තිබෙනවා. පසුගිය ඉරිදා දිනයේ පමණක් එම චිත්රපටියෙන් ලද ආදායම රුපියල් කෝටි දෙකක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.
ඉන්දියානු ලේඛක චේතන් බගත්ගේ ‘හාෆ් ගර්ල්ෆ්රෙන්ඩ්’ කෘතිය ඇසුරින් නිර්මාණය කර ඇති මෙම චිත්රපටිය අධ්යක්ෂණ කර තිබෙන්නේ මෝහිත් සූරි විසිනි. චිත්රපටය නිකුත් වී සතියක් ඇතුළත එය බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත්වුණා.
මෙම සතුට බෙදා හදා ගැනීමට පසුගිය සිකුරාදා සාදයක් තිබී ඇති අතර ඒ සඳහා චිත්රපටයේ නළු නිළියන් හා අනෙකුත් සියල්ලන්මද එක්ව තිබෙනවා.