'හවුස්ෆුල්' සිවුවැන්නට අලුත් කෙල්ලෝ සෙට් එකක්
ලබන වසරේ ඔක්තෝබර් 25 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත සජිද් ඛාන්ගේ ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්‍රපටයට අලුත් නිළියක් කිහිප දෙනෙකු යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. ක්‍රිති ෂැනොන්, පූජා හෙඩ්ජ්, ක්‍රිති කාබන්ඩා, ටප්සි පන්නු මෙම චිත්‍රපටයට සම්බන්ධ කරගෙන ඇති නිළියන් වේ. මෙම නිළියන් මීට පෙර නිර්මාණය වූ ‘හවුස්ෆුල්’ කිසිදු චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක නොවී ඇති අතර, චිත්‍රපටයේ කතාව වෙනතකට හැරවීමේ අරමුණින් අධ්‍යක්ෂවරයා මෙම චිත්‍රපටයට නවක මුහුණු එක් කරගත් බව සඳහන් වේ.
කෙසේ වෙතත්, සුපුරුදු පරිදි මෙහි ආක්ෂේ කුමාර්, රිතේක් දේශ්මුක්, ජෝන් ඒබ්‍ර්හිම්, අභිෂේක් බච්චන් ප්‍රධාන නළු චරිත සඳහා යොදාගෙන ඇත. වාර්තාවන අන්දමට අභිෂේක් බච්චන් වෙනුවට ඔහු රඟන ‘බන්ටි’ චරිතයට බොබි ඩියොල් හෝ සංජේ දත් යොදා ගැනීමට චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තුවන් පසුවන බවයි.