'හවුස්ෆුල්' සිවුවැන්නට කෝටි 200ක්
අති සාර්ථක වූ ‘හවුස්ෆුල්’ චිත්රපට මාලාවේ මිළඟ නිර්මාණයට මේ දිනවල සූදානම් වෙමින් සිටින බවට තොරතුරු ලැබේ. ‘හවුස්ෆුල්’ සිවුවැනි චිත්රපටය 2019 වසරේ ප්රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර, චිත්රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 200ක මුදලක් වැය කරන්නට චිත්රපට නිෂ්පාදක සජිද් නදිවාලා බලාපොරොත්තු වෙන් සිටියි.
මෙම චිත්රපටයේද සුපුරුදු පරිදි ප්රධාන චරිතය ලැබි ඇත්තේ ආක්ෂේ කුමාර්ටය. කිල්න චිත්රපටවල ඔහු සමගින් රිතෙක් දේශ්මුක්, අභිෂේක් බච්චන්, ජෝන් ඒබ්රහිම්, ශ්රීයාස් තල්පාඩේ රංගනයෙන් දායක වූ අතර, මෙවර රිතෙක් හා ආක්ෂේට අමතරව තවත් ජනප්රිය සිනමා නළුවන් දෙදෙනෙකු තෝරා ගන්නා බවට ඉඟි පළ කර තිබේ. ඔවුන් අතර වරූන් ධාවන් හා රන්වීර් සිංද සිටින බව සඳහන් වේ.