හර්බජාන් සිං - ගීතා බස්රා ආදර කතාව
බොලිවුඞ් නිළි ගීතා බස්රා සහ ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං විවාහ වූයේ 2015 ඔක්තෝබර් මාසයේදීය. විවාහවන තුරුම ඔවුන් සිය පේ‍්‍රම සම්බන්ධය රහසේ තබා ගන්නට උත්සුක වූහ. ඔවුන්ගේ දියණිය හිනායා උපන්නේ 2016 ජූලි මාසයේය. දැන් සිය ජීවිතයම වී ඇත්තේ අවුරුදු එක හමාරක් වයසැති දියණිය බැව් ඔවුහු දෙදෙනාම ආඩම්බරයෙන් කියති.
හර්බජාන් සිං සික් ජාතිකයෙකි. ඔහු උපන්නේ 1980දීය. 2000දී පියා මියගිය බැවින් ඔහුට පවුලේ බර කරට ගන්නට සිදු වූයේය. ඔහුගේ තාත්තා කළේ සුළු පරිමාණයේ ව්‍යාපාරයකි. එහෙත් ඔහු ක්‍රිකට් කී‍්‍රඩකයෙකු වෙනවා දකින්නට තාත්තාට වුවමනා වූයේය.
”කොහොම හරි ඉන්දියානු ජාතික පිලට ක්‍රීඩා කරන්න”
තාත්තා සිය එකම පුතු දිරි ගැන්වූයේ එලෙසය.
ඔහුට සහෝදරියන් පස් දෙනෙකි. ඔවුන් පස් දෙනාම විවාහ කර දෙනතුරු හර්බජාන් විවාහයක් ගැන සිතුවේ නැත.
ඔහුගේ සිත සිනමා නිළි ගීතා බස්රා කෙරෙහි ඇඳුණේ පවුලේ අය ඔහුට ගැළපෙන මනාලියක් සොයමින් සිටි කාලයේය.
”මම ඒ කාලෙ ලන්ඩන්වල ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කරමින් හිටියෙ. දවසක් මං දැක්කා ගීතා බස්රා වෝ අජ්නබී සින්දුවට රංගනයක් ඉදිරිපත් කරනවා.
ඒක දැකපු ගමන්ම මගෙ හිත ඇයට බැඳුණා. මම මගෙ යාළුවට කිව්වා මේ කෙල්ලව හම්බ වෙන්න ඕන කියලා. දැන් නම් මම බොලිවුඞ්වල හුඟක් දෙනෙක් අඳුනනවා. ඒත් ඒ කාලෙ දැනගෙන හිටියෙ කීප දෙනෙක් විතරයි. මම ඒ දෙන්නෙකුටත් කිව්වා මට ගීතව හම්බ වෙන්න විදියක් හොයල දෙන්න කියලා.”
හර්බජාන් සිං සිය ආදර අන්දරය හෙළිදරව් කරන්නට පටන් ගත්තේ එලෙසය.
ඉන්දියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවැති 20x20 ලෝක කුසලතා තරගාවලියට සහභාගී වෙන්නට ගිය කාලයේ මිතුරෙකු විසින් හර්බජාන්ට ගීතාගේ දුරකථන අංකය එවනු ලැබිණි.
”මම අහවලා. මම කැමතියි ඔයා හම්බ වෙලා තේ එකක් හරි කෝපි එකක් හරි බිබී කතා කරන්න.”
ඔහු ඇයට කෙටි පණිවිඩයක් යැවීය.
එහෙත් ඇගෙන් ඔහුට පිළිතුරක් ලැබුණේ නැත.
20x20 ලෝක කුසලානය දිනාගෙන ඔවුහු නැවතත් ඉන්දියාවට පැමිණියහ.
”20x20 ලෝක කුසලානය දිනා ගැනීම ලොකු දෙයක්. අපි ඔයාලා ගැන හුඟාක් ආඩම්බර වෙනවා වගේම සුබ පතනවා. හැමදාමත් ඉන්දියානුවන්ගේ ආඩම්බරයට හේතුවක් වෙන්න.”
ගීතා ඔහුට එසේ ලියා එවා තිබිණි.
”මගේ ප්‍රශ්නයට කදිම උත්තරයක්නෙ ඔයා එවලා තියෙන්නේ” ඔහු පිළිතුරු යැවීය.
අයි.පී.එල්. තරගාවලිය ඇරඹුණේ ඒ අතරය.
”මට ටිකට් දෙකක් ඕන”
ගීතා ඔහුට ලියා එවා තිබිණි. ඔහු ඇයට තරගය නරඹන්නට ප්‍රවේශ පත්‍ර දෙකක් ලැබෙන්නට සැලැස්වීය.
”අපි දෙන්නා අයි.පී.එල් තරග අතරතුරදී හම්බ වෙලා කෝපි බිබී කතා කළා. ඉස්සර වෙලාම අපි හොඳ යාළුවො වුණා. ඇය කිව්වෙම ඉස්සර වෙලා යාළුවො වෙමු. ඊට පස්සෙ ගැලපෙනවා කියලා හිතෙනවා නම් විතරක් සම්බන්ධයක් පටන් ගනිමු කියලා. ඇය හුඟක් කාලයක් මට බලාගෙන ඉන්න සිද්ධ කෙරුවා.”
ඔහු පැවසුවේ සිනාසෙමිනි.
”ඇත්තටම ඒ වෙනකොට මට පේ‍්‍රම සම්බන්ධයක වුමනාවක් දැනිලා තිබුණෙ නෑ. මම ඉපදුණේ එංගලන්තෙ. හැදුණෙ වැඩුණෙත් එහෙ. ඉන්දියාවට වගේම චිත්‍රපටි ක්ෂේත්රයටත් මං අලූත්. ඒ වෙනකොට තිරගත වෙලා තිබුණෙ මං රඟපෑව ‘ද ටේ්රන්’ චිත්‍රපටය විතරයි. මට ඕන වෙලා තිබුණෙ ස්ථාවරයක් ගොඩ නඟා ගන්න. පේ‍්‍රම සම්බන්ධයක පැටලූණ ගමන් හැමදේම වෙනස් වෙනවා කියලා මම දැනගෙන හිටියා.”
ගීතා බස්රා ඒ සම්බන්ධයෙන් පැවසුවේ එසේය.
හර්බජාන් මාස දහයක් පුරාම ඇගේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටියේය. මාධ්‍යවලින් ද ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳ තොරතුරු හෙළිදරව් විණි. ”කැමැත්ත දෙන්න ගීතා. හර්බජාන් හුඟාක් හොඳ කෙනෙක්. අද කාලෙ ඒ වගේ හොඳ අය හොයන්න අමාරුයි.”
ඇගේ මිතුරු මිතුරියන් ද ඇය පොළඹවාලූහ. අවසානයේදී ඇය ඔහු පෙම්වතා ලෙසින් පිළිගත්තාය.
”ඒ ගත්ත තීරණය මොන තරම් වටිනව ද කියල දැන් මම දන්නවා. අපි ගෙවන්නෙ හරිම තෘප්තිමත් යුග ජීවිතයක්.” ඇය කියන්නීය.