හර්බජන්ගේ චිත්රපටයට එන අර්ජූන්
ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං යොදා මේ වනවිට දකුණු ඉන්දීය චිත්රපටයක් නිර්මාණය කරමින් සිටියි. ‘ෆ්රේන්ඩ්ශිප්’ ලෙස නම් කර ඇති මෙම චිත්රපටයේ රූපගත කිරීම් කටයුතු සිදුවෙමින් පවති. මෙම චිත්රපටය සඳහා ජනප්රිය දකුණු ඉන්දීය නළුනිළියන් කිහිප දෙනෙකුම එක්ව සිටින අතර, මෑතකදී දකුණු ඉන්දීය සුපිරි නළු අර්ජූන්ද මෙම චිත්රපටයේ එක් චරිතයකට පණ පොවන බවට තොරතුරු වාර්තා විය. එය සනාථ කරමින් ඔහු මේ දිනවල ගෝවා නගරයේ සිදු කෙරෙන මෙම චිත්රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහා දායක වී සිටින බවට වාර්තා වේ.