හර්බජන් සිං ඉන්දීය සිනමාවට
වසර කිහිපයක් ඉන්දීය ජාතික කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා වී සිටි හර්බජන් සිං මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටියි. ලැබෙන තොරතුරුවලට අනුව හර්බජන් මෙසේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින්නේ ඔහු සිනමා රංගනයට එක්ව සිටිම නිසා බව වාර්තා වේ.
2020 වසරේ අප්‍රේල් මාසයේ තිරගත වන කාර්තික් යෝගි අධ්‍යක්ෂණය කරන ‘දික්කිලෝනා’ නම් දමිල චිත්‍රපටය හර්බජව් රංගනයෙන් දායක වන පළමු ඉන්දීය චිත්‍රපටය වේ. හාස්‍ය කැටිවුණ චිත්‍රපටයක් වන මෙහි හර්බජන් සමගින් ජනප්‍රිය දකුණු ඉන්දීය නළුනිළියන් කිහිප දෙනෙකුම එක්වෙන බව සඳහන් වේ.