හමේෂ් රස්මියා යුගදිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-16-ent-152

ගායකයෙකු මෙන්ම නළුවෙකු ලෙසද බොලිවුඩයේ අතිශය ජනප්‍රිය හමේෂ් රස්මියා පසුගියදා නැවත වරක් විවාහ විය. ඒ ඔහුගේ දිර්ඝ කාලීන පෙම්වතියක්ව සිටි සෝනියා කපූර් සමගය. මීට පෙර රස්මියා කෝමල් නම් තරුණියක් සමගින් විවාහ වී සිටි අතර, ඔවුන් දෙදෙනා 2016 වසරේදී නීතියෙන් වෙන්විය. එම විවාහයෙන් රස්මියාට වයස අවුරුදු 12ක ‘ශිවම්’ නම් පිරිමි දරුවෙකුද සිටියි.

කෝමල් සමගින් විවාහ වී සිටින කාලයේදී සෝනියා කපූර් සමගින් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් මෙසේ කෝමල්, රස්මියාගෙන් වෙන්වීමට හේතුවි ඇත. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටය, ‘ජිනියස්’, හා ‘ටෝටල් ඩමාල්’ චිත්‍රපටහි සංගීත අධ්‍යක්වරයා ලෙසද කටයුතු කරන්නේ හමේෂ් රස්මියාය.