‘හම් දිල් දේ චුකේ සනම්’ 2



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-04-ent-173

සංජය ලීලා බන්සාලි මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සඳහා සූදානමින් සිටින බව වාර්තා වේ. මේ සඳහා දැනටමත් සල්මාන් ඛාන් හා ප්‍රියංකා චොප්රා තෝරා ගෙන ඇති අතර, චිත්‍රපටය පිළිබඳව නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ බන්සාලි විසින් මෙසේ නිර්මාණය කරන්නට සූදානම් වන්නේ 1999 වසරේදි ඔහු විසින් නිර්මාණය කළ ‘හම් දිල් චේ චුකේ සනම්’ චිත්‍රපටයේ දෙවැනි කොටස බවය. ඉන්දියාවට සමගාමිව ලොවපුරා අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක් ලෙස හැඳින්වෙන ‘හම් දිල් චුකේ සනම්’ චිත්‍රපටය වසර 30කට පසුව නැවත නිර්මාණය කරන්නට සූදානම් වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන කාරණයක් වී ඇත. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටයේ අයිශ්වර්යාද ආරාධිත රංගනයක නිරතවන බවය.