හංසිකාගේ ‘ටිවිටර්’ ගිණුම හැක් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-246

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි හංසිකා මොටවානිගේ ‘ටිවිටර්’ ගිණුම හැක් ප්‍රහාරයට ලක්ව ඇති බවට ඉන්දීය තොරතුරු වාර්තා කර සිටියි. එමෙන්ම ඇයගේ පෞද්ගලික ජංගම දුරකතනයද මේ වනවිට හැක් කර ඇතැයි ඇය විසින් චෙන්නයි පොලිසියට දැනුම් දී තිබේ.

මෙම ‘හැක්’ ප්‍රහාරයෙන් ඇයගේ පෞද්ගලික ඡායාරූප කිහිපයක් පමණක් නැතිවී තිබෙන අතර, සිය පෞද්ගලික බැංකු ගිණුම් හා අනෙකුත් රහසිගත ගිණුම්වලට කිසිදු හානියක් නොමැති බව ඇය පවසා තිබේ. මීට දින කිහිපයකට පෙර ඇයගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමටද මෙසේ ‘හැක්’ ප්‍රහාරයක් සිදුවු අතර, එහිදි ඇය පෙනී සිටි අඩනිරුවත් ඡායාරූපය කිහිපයක් පමණක් අතුරුදහන් වී තිබුණි.