හංසිකා ව්‍යාපාරිකයෙකු සමග රඟපාන කතාව බොරුවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-1147

ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි හංසිකා මොටවානි ජනප්‍රිය රෙදිපිළි ව්‍යාපාරිකයෙකු වන සරවනන් සමගින් චිත්‍රපටයක රංගනයෙන් දායක වන කතාවක් මේ වනවිට දකුණු ඉන්දියාව පුරා පැතිරෙමින් පවතියි. කෙසේ වෙතත්, හංසිකා සිට ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා පවසා ඇත්තේ එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවය.

ඇය මෙම සටහන තබා ඇත්තේ සිය රසික, රසිකාවියන්ට ගාන්ධි ජයන්ති දිනය වෙනුවෙන් සුබපැතුම්ද එක් කරමිනි. මේ වසරේ ඉන්දීය චිත්‍රපටවල වැඩිපුර දකින්නට නොලැබුණ හංසිකා ලබන වසරේ ඉන්දීය චිත්‍රපට කිහිපයකින්ම සිය රසික පිරිස් මුණ ගැසීමට සූදානමින් සිටියි.