සෞඛ්‍ය සේවකයන්ට පුද්ගලික ආරක්ෂක කට්ටල
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි විද්‍යා බාලන් විසින් ඉන්දීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සේවයේ නිරව සිටින සෞඛ්‍ය සේවක, සේවිකාවන් සඳහා පුද්ගලික ආරක්ෂක කට්ටල ලබා දීමට කටයුතු කර තිබේ. මෙහි පළමු අදියරය පසුගියදා පැවති අතර, ඒ මහරාජ්ෂ්ට් ප්‍රාන්තයේ පිහිටි ‘කස්තුර්බා ගාන්ධි’ රෝහලේ සේවයේ නිරත 2000කට ආසන්න සේවක පිරිසකටය.
ඇය පවසන්නේ ඉදිරියේදී උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශයන්හිද පවතින රජයේ රෝහල් සඳහාද තමන් මෙම සමාජ සේවය දියත් කරන්නට සූදානමින් සිටින බවය. එමෙන්ම ඇයගේ සැමියා වූ චිත්‍රපට නිෂ්පාදක සිද්ධාර්ත් රෝයි කපූර්ද මේ සඳහා තමන් අනගි සහයෝගයක් ලබාදුන් බවද ඇය පවසා සිටියි.