සෝනූගේ ‘ටිවිටර්’ පණිවිඩය
‘කොවිඩ්’ වසංගතය ආරම්භ වීමත් සමග විවිධ සමාජා සත්කාරයන් ඔස්සේ කතාබහට ලක්වූ සිනමා නළු සෝනූ සෝඩි මැතකදී සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සටහනක් තබා තිබුණි. ඒ ‘කොවිඩ්’ රෝගය වෙනුවෙන් භාවිතා කරන එන්නත් නොමිලේ ජනයාට ලබාදිමට මැදිහත් විය යුතු බවය.
මේ මොහොතේදී ‘කොවිඩ්’ රෝගය වෙනුවෙන් ඉන්දීය ජනයාට නොමිලේ එන්නත් ලබාදිම වැදගත් යැයි මා සිතමි. එන්නත්වල මිල පසුව අපි තිරණය කරමු මේ අවස්ථාවේදී වැදගත් විය යුත්තේ මේ රෝගය ඉන්දියාවෙන් තුරන් කිරිම සඳහා මුලීකත්වය ගැනිමයි. ඒ සඳහා ධනවත් ආයතන, පුද්ගලයින් මැදහත් වී එන්නත නොමිලේ ලබා දිමට කටයුතු කරනවා නම් ම කැමතියි යැයි ඔහු සිය සටහන තබා ඇත.