සෝනු නිගම්ට මරණ තර්ජන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය බොලිවුඩ් ගායක සෝනු නිගම් හට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මහරාස්ට්‍ර ප්‍රාන්ත බුද්ධි අං මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මුම්බායි පොලිසීය ද  දැනුවත් කර තිබෙනවා. මේ පිළිබඳව සෝනු නිගම් දැනුවත් කරමින් පොලීසිය පවසා ඇත්තේ ප්‍රසිද්ධ ස්ථානයකදී, ප්‍රසංගයකදී හෝ ගමන් ගනිමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වීමට ඉඩ ඇති බවයි.

සිනමා ශාලා තුළ සහ අවන්හල් තුළ ඉන්දී ජාතික ගීය ගායනා කිරීම නුසුදුසු බවත් එයින් ජාතික ගීයට අගෞරවක් සිදු වනු ඇති බවට සෝනු නිගම් සිදු කළ ප්‍රකාශයක් මෙසේ ඔහුට මරණ තර්ජන එල්ල වීමට හේතුව ලෙසයි සැක කෙරෙන්නේ.

මේ හේතුවෙන් සෝනු නිගම්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබේ.

20180206Sonu-1