'සෝනු කි ටුටු කි ස්විටි' කෝටි 100 පනී
සංජය ලීලා බන්සාලිගේ ‘පද්මාවත්’ චිත්‍රපටයට පසුව ඉන්දියාවේ පමණක් කෝටි 100ක ආදායමක් උපයාගත් දෙවැනි චිත්‍රපටය බවට පත්වන්නට ලව් රන්ජන් අධ්‍යක්ෂණය කළ ‘සෝනු කි ටුටු කි ස්විටි’ චිත්‍රපටය සමත්ව තිබේ.
චිත්‍රපටය ආරම්භයේදී කිසිවෙකුගේ අවධානය දිනා නොගත් බොලිවුඩ් චිත්‍රපටයක් වූ මෙම චිත්‍රපටය නවක නළුනිළියන් පිරිසක් යොදා අඩු නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ එකක් වේ. හාස්‍යමය ලේබලය යටතේ නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ‘ටී සිරීස්’ ආයතනයේ බෙදාහැරිමක් වෙයි.
මෙම චිත්‍රපටය මේ වනවිට බොලිවුඩයට සමගාමිව විදෙස් රටවල් කිහිපයකද ප්‍රදර්ශනය වන අතර, විදේශයන්හිදී ඉන්දීය රුපියල් කෝටි 40ක ආදායමක් උපයා ගැනීමටද සමත්ව ඇත.