සෝනි පික්චර්ස් සමාව ගනියි?
මෙම වසරේ මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිතව ඇති ‘පීටර් රැබිට්’ චිත්රපටය හේතුවෙන් සෝනි පික්චර්ස් සමාගම එරට ගොවියන්ගෙන් සමාව ගත යුතු බවට පුවත් වාර්තා වෙමින් පවතී. ඒ එම චිත්රපටය නිෂ්පාදනය කර ඇත්තේ, ගොවිපළක් ආශ්රයෙන් සිදුවන සිදුවීම් පෙළක් ඔස්සේ බැවිනි. එහිදී එම සත්ත්වයන්ගෙන් ඇතිවන අසාත්මිකතා මතු කරමින් සිදුවන සිදුවීම් කිහිපයක් හේතුවෙන් ගොවීන්හට යම්කිසි අපහසුතාවක් සිදුව ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව විවිධ පුවත් වාර්තා වුවද සෝනි සමාගම මේ කාරණාව සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා නොමැති බවයි පැවසෙන්නේ.