සෝනාම් කපූර් විවාහයට සූදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-05-01-ent-28

සෝනාම් කපූර් සහ ආනන්ද් අහුජා අතර පේ‍්‍රම සම්බන්ධය ගැන දැන ගත් විට ක්ෂේත‍්‍රයේ අය පමණක් නොව රසිකයන් ද විමසිලිමත් වූයේ ඔවුන් ගේ විවාහය පිළිබ`දවය. මේ වන විට දැවැන්ත සංගීත උත්සවයක් සම`ග චාම් විවාහ මංගල්‍යයක් පවත්වන්නට සෝනාම් ගේ පියා අනිල් කපූර් සූදානම් වෙමින් සිටින බැව් ආරංචි මාර්ගවලින් හෙළිදරව් වෙයි. උත්සවය පැවැත්වෙන්නේ මැයි 7 සහ 8 දිනවලය.2018-05-01-ent-29

සංගීත උත්සවය ස`දහා මේ දිනවල සෝනාම් ගේ පවුලේ උදවිය සූදානම් වෙමින් සිටින බව ද කියැවෙයි. මේ ස`දහා පුහුණු වීම් පැවැත්වෙන්නේ පවුලේ සමීප හිතවතියක වන නර්තන උපදේශිකා ෆාරා ඛාන් ගේ ම`ග පෙන්වීම යටතේය. සෝනාම් ගේ මව සුනීතා ගේ ඉල්ලීමට ෆාරා වහාම එක`ග වී ඇත්තේ එය සෝනාම්ට තමාගෙන් ලැබෙන මංගල තෑග්ග බව කියමිනි.

මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය තවමත් පැවතෙන්නේ රහසක් වශයෙනි. සමහරු කියන්නේ සෝනාම් ගේ කෝටි 35 ක් වටිනා සුඛෝපභෝගී නිවෙස තුළ මෙහෙන්දි උත්සවය පැවැත්වෙන අතර සංගීත් උත්සවය තරු හෝටලයක පැවැත්වෙන බවය. මුම්බායිහිදී සංගීත් උත්සවය සහ චාරිත‍්‍රානුකූල විවාහය සිදු කිරීමෙන් පසුව දිල්ලිවලට ගොස් විශාල සාදයක් පවත්වන්නට නියමිත බැව් තවත් සමහරු කියති. සුනීතාගේ නැගණිය වාසය කරන පරම්පරාගත මන්දිරය පූජා උත්සවයට යොදා ගන්නට නියමිත බැව් කියන අය ද නැත්තේ නොවේ. එය හතරැුස් අඩි 55,000 ක වපසරියකින් යුත් සුවිසල් නිවසකි. කෙසේ වෙතත් එය හරියටම දන්නේ සෝනාම් සහ ඇගේ පවුලේ උදවිය පමණකි.

ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් අහුජා වැඩිපුර පදිංචිව සිටින්නේ ලන්ඩන්වලය. එම නිසාම විවාහයෙන් පසුව සෝනාම් සිය රංගන ජීවිතයට සමු දී ලන්ඩනයේ පදිංචියට යන්නට සූදානම් වන බවට කටකතා පැතිරෙමින් තිබේ. එහෙත් සෝනාම්ට එසේ ්කරන්නට පුළුවන්කමක් නැත්තේ චිත‍්‍රපටි කිහිපයක්ම බාර ගෙන ඇති බැවිනි. විවාහයෙන් දින කිහිපයකට පසුව ඇය වීරේ ඩි වෙඩින් චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතු ස`දහා සහභාගි වෙන්නට නියමිතය. සියලූ දෙනාම පුලපුලා බලා සිටින සංජේ දත් ගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය වන චිත‍්‍රපටියේ ර`ග පාන්නේ ද සෝනාම් ය. ඊට අමතරව ‘ද සෝයා ෆැක්ටර්’ චිත‍්‍රපටියේ ද, ඒක් ලඞ්කී තෝ ඈසා ලගා චිත‍්‍රපටිවලට යෝජනා වී ඇත්තේ ද සෝනාම් ගේ නමය. ඉදින් ඇය බොලිවුඩය අත හැර දමා යන බැව් සිතීමත් විහිළුවක් නොවන්නේද..?