සෝනම්ට පසුව වරූන් විවාහයද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-03-ent-75

මැයි මාසයේදී විවාහ වන සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට පසුව ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන්ගේ විවාහය සිදුවන බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, මේ පිළිබඳව තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවන අතර, මෑතකදී එක්තරා බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් මේ බව වරූන්ගෙන්ම විමසා පළ කර තිබෙන බව දැන ගැනීමට ලැබේ.

වරූන් මේ වනවිට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් වන නටාෂා දලාල් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටියි. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයට මේ වනවිට පස් වසරක් සපිරෙන බව සඳහන් වේ. කාලයක් වරූන් ආලියා භාට් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවටද තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත්, ඒ නිසාම ආලියා හා සිද්ධාර්ත් මල්හෝත්‍රා අතර තිබු ප්‍රේම සම්බන්ධයද බිඳ වැටුණ බවට තොරතුරු පසුගිය කාලේය පළවිය.