සෝනම්ගේ උපන්දිනයට පවුලේ කට්ටිය විතරයි
මාර්තු මාසයේදී ලන්ඩනයේ සිට නැවතත් ඉන්දියාවේ මුම්බායි නගරයට පැමිණි බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් මේ වනවිට ඉන්දියාවේ මුම්බායි නගරයේ සිය සැමියා වූ ආනන්ද් අහුජා හා ඔහුගේ පවුලේ පිරිස සමගින් ආනන්ද් සතු නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
මීට දින කිහිපයකට පෙර සෝනම් සිය 35 වැනි උපන්දිනය සමරනු ලැබු අතර, ඒ ආනන්ද් අහුජාගේ මුලීකත්වයෙනි. ඒ සඳහා සෝනම්ගේ පියා, මව හා නැඟෙනිය රියා කපූර්ද සහභාගි වුණ බව සඳහන් වේ. ඇය සිය සැමියා වූ ආනන්ද් ඇයට පිරිනැමු තැගීද සමගින් ගත් ඡායරූපයක් මේ වනවිට සිය ‘ඉන්ටර්ග්රෑම්ස්’ ගිණුම තුළ ප්රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.