සෝනම් කපූර් සැමියා එක්ක ජපානේ ගිහින්
පසුගිය ජුනි 09 වැනිදාට සිය 34 වැනි උපන්දිනය සැමරූ බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් සිය සැමියා වූ ආනන්ද අහුජා සමගින් මේ දිනවල ජපානයේ නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටින බව සඳහන් වේ. පසුගියදා ජපානයේ ප්රසිද්ධ ස්ථාන කිහිපයකදී ගත් ඡායාරූප කිහිපයක් සිට ‘ටිවිටර්’ ගිණුම හරහා ප්රසිද්ධ කර තිබේ. මේ වනවිට ගැබිණියක්වද සිටින සෝනම් එය ප්රසිද්ධ නොකර සිටින බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත්, ජපානයේදී ඇය පෙනී සිටින ඡායාරූප කිහිපයකදීම ඇය ගැබිණියක්ව සිටින බවට ලක්ෂණ මතුව තිබේ.