සෝනම්, ආක්ෂේ නිව්යෝක් ගිහින්
ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් හා සෝනම් කපූර් මේ දිනවල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රූපගත කිරීම් කටයුත්තක් සඳහා සහභාගී වී සිටින බව සඳහන් වේ. ඒ ලබන වසරේ ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්රදර්ශනය වීමට නියමිත ආර්. බල්කිගේ ‘පෑඩ්මෑන්‘ චිත්රපටය සඳහාය.
සෝනම් හා ආක්ෂේට අමතරව මෙහි රාධිකා අප්තේ, සූධීර් පාණ්ඩේද රංගනයෙන් දායක වන අතර, අමිතාබ් බච්චන් මෙහි ආරාධිත රංගනයක නිරත වෙන බව සඳහන් වේ. ආක්ෂේගේ බිරිඳ ටුවින්කල් ඛාන්නා මෙහි නිෂ්පාදන බරපැන දරා තිබෙන අතර, ‘පෑඩ්මැන්‘ ඇයගේ හත්වැනි සිනමා නිෂ්පාදනයද වේ. මෙම චිත්රපටය තිරගත වන දිනයේදීම ආක්ෂේ කුමාර් පෙනී සිටින ශේකර්ගේ ‘2.0‘ දමිළ චිත්රපටයද ප්රදර්ශනය වීමට නියමිතය.