සෝනක්ෂිට ඉන්දියානු ගායික ගායිකාවන්ගෙන් දැඩි විරෝධයක්
බටහිර සංගීත ලෝකයේ සුවිශේෂි පුද්ගලයෙකු වන ජස්ටින් බීබර්ගේ ඉන්දියානු ප්‍රසංගය කල් ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව ඔහුගේ ප්‍රසංගය මේ මස අවසානයේ පැවැත්වීමට කටයුතු සූදානම් බවද සඳහන් වේ. මේ ප්‍රසංගය තුළදී බීබර් සමග එකම වේදිකාවේ ගී ගැයීමට මෙන්ම නර්තනයෙන් සහභාගි වීමට බොලිවුඩ් තරු රැසක්ම පෙළගැසී සිටින බවටද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. මේ අතරින් දැඩි උනන්දුවක් දක්වන සුරූපි නිළියක වන සොනාක්ෂි සිංහා පිළිබඳව වැඩි අවධානයක් යොමුව ඇත්තේ ඇයගේ ක්‍රියාකලාපය නිසාවෙනි.
ඇයත් බීබර් සමග ගීතයක් ගැයීමට බොහෝ සෙයින් සූදානම් වන අතර, ඒ පිළිබඳව මෙම සංවිධායක මණ්ඩලය තුළින් ඒ සඳහා අවසර ලබාගැනීමට බොහෝ ලෙස ඇය උත්සාහ කරන බවද වාර්තා වේ. මේ පිළිබඳව ඉන්දියානු ගායක ගායිකාවන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ පිළිබඳව අධ්‍යක්ෂවරයෙකු වන කයිලාශ් බෙයර් සහ ගායක ආමන් මලික්ද දැඩි විරෝධය ප්‍රකාශ කර ඇති බවද සඳහන්ය. එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී කයිලාශ් ඛෙයර් පවසා ඇත්තේ, ලෝකප්‍රකට ගායකයෙකු හෝ ගායිකාවක ඉන්දියාවේ ප්‍රසංගයක් පවත්වන්නේ නම් ඔවුන් සමග වේදිකාව් ගීත ගායනා කළ යුත්තේ ඉන්දීය ගායික ගායිකාවන් බවත්, බොලිවුඩයේ නළු නිළියන් නොවන බවත්ය.